ඔබේ වයස් සීමාව කුමක් වුවත්, ඔබ මියගිය පසු ඔබේ ඇස් දෙක දන් දීමට ඔබට පොරොන්දු පත්‍රයක් අත්සන් කිරීමේ හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට තමාගේ ලිපිනය ලියූ මුද්දර ඇලවූ ලියුමි කවරයක් එවීම තුලින් මේ සඳහා අවශ්‍ය පොරොන්දු පත්‍රය සහ විස්තර ලබාගත හැකියි.

ගෞතම දරුවෝ භික්ශු ගිලාන

"පින" කියන්නේ ඇත්තෙන්ම සැපයට කියන නමක්.(සුඛස්සේතං භික්ඛවේ අධිවචනං යදිදං පුඤ්ඤං) ඒම නිසයි ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කලේ "(පුඤ්ඤං චේ පුරිසෝ කයිරා)මේ මනුෂ්‍යයා කරන පින (කයිරා ථෙතං පුනප්පුනං) අයෙ ආයේමත් කරන්න ඕන.( තම්හි ඡන්දං කයිරාථ) පින කිරිමට කැමත්තක් ඇතිකර ගන්න ඕන.මොකද,(සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ) පින කියන්නේ සැපයට.ඇත්තේනම අපි පිං කරන් බයවෙන් හොද නැ..(මා භික්ඛවේ පුඤ්ඤානං භායිත්ථ) මහණනි පිනට බය නොවන්.
සත්පුරුෂ මිතුරන්ගේ සෙවන නිසා ඡීවිතයට සුන්දර පිනක් රුස්කර ගන්න "පිං කෙතේ අපි" මිතුරන්ට අවස්ථාව උදාවුනා.
"(යෝ භික්ඛවේ මං උපටිඨහෙය්‍ය - සෝ ගිලානං උපටිඨහෙය්‍ය) යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයි නම් ඔහු මට උපස්ථාන කරන්නේය". බුදුරජාණන් වහන්සේ පූතිගත්ත තිස්ස ස්වාමින්වහන්සේට උපස්ථාන කොට අප වෙත කියාදුන් ගිලානෝපස්තානය ආදර්ශයක් කරගනිමින් ගෞතම දරුවෝ පින්වන්ත මිතුරන් විසින් සංවිදානය කල වයෝවෘද්ධ භික්ශු ගිලන් මද්ද්යස්ථානයට ගොස් උපස්ථාන පින්කම සිදුකිරිමේ භාග්‍ය අපට උදාවුනා...
සුදුහදුන්,රත් හදුන්,වෙනිවැල් අව්ශද යොදා පැන් උනුකොට,නහවා හිස රැවුල් මුඩුකොට,නියපොතු කපා හොදින් පිරිසිදු කරනු ලැබුව.සියලු ස්වාමින්වහන්සේලාට අලුත් අදනයන්,සිවුරු හදවනු ලැබුවා.ඇදවල් අලුත් ඇතිරිලි අතුරා..අලුත් කොට්ටඋර ,ඇගපිස්නා වැනි අවශ්ය සියලු දේ පූජා කලා.. නහවා අව්ශද ගිලන්පසකින් උපස්තාන කලා....

ස්වාමින්වහන්සේලා වෛද්‍ය වරයෙක් ප්‍රතිකාර කරන්න ලැබීම අපලද භාග්යකම උනා..මාස ගනනකින් ප්‍රතිකාර නොලද තුවාලයන් සදහා අපි අපේ අත්වලින් ප්‍රතිකාර කලා..සමහර තුවාලයන් සේලයින් බෝතල් දෙකකින් හෝදන්න උනා.වේදනාවෙන් කෑගැසුව එක් ස්වාමින්වහන්සේ නමක් සතරවරන් දෙවිවරු ඔබලාව ආරක්ශා කරත්වා...චතුර්මහරාජිකාවේ ඉපදේවා කියමින් කල ප්‍රාර්තනා තුල උන්වහන්සේල ලැබුව සහනය අපට මැන්වින් අවභෝදය උනා.ප්‍රතිකාර වලට අවුශද සියල්ල ඒ අවස්තාවේම අපි ගෙනවිත් දෙන්න කටයුතුකලා...
පරන උනු කුනු නැහැවී තිබූ සිවුරු සියල්ල සෝදා පිරිසිදු කලා...දුගද හැමූ කාමර සියල්ල සෝදා පිරිසිදු කර සුවද දුම් ඇල්ලුව.
ගොඩාක්ම වැදගත් දේ තමයි සති ගානක් උතුරමින් තිබූ වැසිකිලි නිසා ස්වාමින්වහන්සලා පුදුමාකාර විදිහට අසරන වෙලා හිටිය.යන්න විදිහක් නොතිබුන හෙයින් උන්වහන්සේල පත්වෙලා තිබුන අසරණ කම කියන්න බෑ.. අපි ගලිය ඉවත්කොට සියලු බට උඩට අරන් වෙනත් බට යොදා වැසිකිලි නැවත යථාතත්වයට පත්කලා.ඒකට පුදුම වෙහෙසක් දැරුව.ජරාව යැයි නොසිතා අපේ ගෞතමදරුවෝ දෙවිවරු වගේ ඒ සත්ක්රියාව කලේ සම්පූර්නයෙන් ගැටලුවලට විසදුම් දෙමින්.වටපිටාවෙ සියලු අපිරිසිදු තැන් පිරිසිදු කලා. රසවත් ගුනවත් ආහර දානයකින් පුදා තවත් වියලි ආහාර,සිවුරු පිරිකරයන් පූජා කලා.. අවසානයේ සුපුරුදු පරිදි දෙවියන් උදෙසා පින් අනුමෝදන් කොට,දෙමාපියන්ට සෙත්පතා නිර්වානයට මේ කුසල් හේතුවේවා කියල ප්රාර්ථනා කලා..මේ සියලු කුසල් ඔබත් අනුමෝදන් වෙන්න යාලුවනේ ...
චායාරුප සහ අනුමොදනාව උපටු ගැනීම -
free counters