ඔබේ වයස් සීමාව කුමක් වුවත්, ඔබ මියගිය පසු ඔබේ ඇස් දෙක දන් දීමට ඔබට පොරොන්දු පත්‍රයක් අත්සන් කිරීමේ හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට තමාගේ ලිපිනය ලියූ මුද්දර ඇලවූ ලියුමි කවරයක් එවීම තුලින් මේ සඳහා අවශ්‍ය පොරොන්දු පත්‍රය සහ විස්තර ලබාගත හැකියි.

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතයින්ගේ බෞද්ධ සංගමයට ආධාර අවශ්‍යයි

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතයින්ගේ බෞද්ධ සංගමය බෞද්ධ පොත්පත් බ්‍රේල් ක්‍රමයට පරිවර්තනය සඳහා ආධාර පතයි. ඔබත් නොපමාව නොමසුරැව මේ පුණ්‍ය කර්මය සඳහා දායක වී ධර්ම දානයෙන් කුසල් රැස් කර ගන්න.
free counters