ඔබේ වයස් සීමාව කුමක් වුවත්, ඔබ මියගිය පසු ඔබේ ඇස් දෙක දන් දීමට ඔබට පොරොන්දු පත්‍රයක් අත්සන් කිරීමේ හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට තමාගේ ලිපිනය ලියූ මුද්දර ඇලවූ ලියුමි කවරයක් එවීම තුලින් මේ සඳහා අවශ්‍ය පොරොන්දු පත්‍රය සහ විස්තර ලබාගත හැකියි.

ගෞතම දරුවෝ භික්ශු ගිලාන

"පින" කියන්නේ ඇත්තෙන්ම සැපයට කියන නමක්.(සුඛස්සේතං භික්ඛවේ අධිවචනං යදිදං පුඤ්ඤං) ඒම නිසයි ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කලේ "(පුඤ්ඤං චේ පුරිසෝ කයිරා)මේ මනුෂ්‍යයා කරන පින (කයිරා ථෙතං පුනප්පුනං) අයෙ ආයේමත් කරන්න ඕන.( තම්හි ඡන්දං කයිරාථ) පින කිරිමට කැමත්තක් ඇතිකර ගන්න ඕන.මොකද,(සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ) පින කියන්නේ සැපයට.ඇත්තේනම අපි පිං කරන් බයවෙන් හොද නැ..(මා භික්ඛවේ පුඤ්ඤානං භායිත්ථ) මහණනි පිනට බය නොවන්.
සත්පුරුෂ මිතුරන්ගේ සෙවන නිසා ඡීවිතයට සුන්දර පිනක් රුස්කර ගන්න "පිං කෙතේ අපි" මිතුරන්ට අවස්ථාව උදාවුනා.
"(යෝ භික්ඛවේ මං උපටිඨහෙය්‍ය - සෝ ගිලානං උපටිඨහෙය්‍ය) යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයි නම් ඔහු මට උපස්ථාන කරන්නේය". බුදුරජාණන් වහන්සේ පූතිගත්ත තිස්ස ස්වාමින්වහන්සේට උපස්ථාන කොට අප වෙත කියාදුන් ගිලානෝපස්තානය ආදර්ශයක් කරගනිමින් ගෞතම දරුවෝ පින්වන්ත මිතුරන් විසින් සංවිදානය කල වයෝවෘද්ධ භික්ශු ගිලන් මද්ද්යස්ථානයට ගොස් උපස්ථාන පින්කම සිදුකිරිමේ භාග්‍ය අපට උදාවුනා...
සුදුහදුන්,රත් හදුන්,වෙනිවැල් අව්ශද යොදා පැන් උනුකොට,නහවා හිස රැවුල් මුඩුකොට,නියපොතු කපා හොදින් පිරිසිදු කරනු ලැබුව.සියලු ස්වාමින්වහන්සේලාට අලුත් අදනයන්,සිවුරු හදවනු ලැබුවා.ඇදවල් අලුත් ඇතිරිලි අතුරා..අලුත් කොට්ටඋර ,ඇගපිස්නා වැනි අවශ්ය සියලු දේ පූජා කලා.. නහවා අව්ශද ගිලන්පසකින් උපස්තාන කලා....

ස්වාමින්වහන්සේලා වෛද්‍ය වරයෙක් ප්‍රතිකාර කරන්න ලැබීම අපලද භාග්යකම උනා..මාස ගනනකින් ප්‍රතිකාර නොලද තුවාලයන් සදහා අපි අපේ අත්වලින් ප්‍රතිකාර කලා..සමහර තුවාලයන් සේලයින් බෝතල් දෙකකින් හෝදන්න උනා.වේදනාවෙන් කෑගැසුව එක් ස්වාමින්වහන්සේ නමක් සතරවරන් දෙවිවරු ඔබලාව ආරක්ශා කරත්වා...චතුර්මහරාජිකාවේ ඉපදේවා කියමින් කල ප්‍රාර්තනා තුල උන්වහන්සේල ලැබුව සහනය අපට මැන්වින් අවභෝදය උනා.ප්‍රතිකාර වලට අවුශද සියල්ල ඒ අවස්තාවේම අපි ගෙනවිත් දෙන්න කටයුතුකලා...
පරන උනු කුනු නැහැවී තිබූ සිවුරු සියල්ල සෝදා පිරිසිදු කලා...දුගද හැමූ කාමර සියල්ල සෝදා පිරිසිදු කර සුවද දුම් ඇල්ලුව.
ගොඩාක්ම වැදගත් දේ තමයි සති ගානක් උතුරමින් තිබූ වැසිකිලි නිසා ස්වාමින්වහන්සලා පුදුමාකාර විදිහට අසරන වෙලා හිටිය.යන්න විදිහක් නොතිබුන හෙයින් උන්වහන්සේල පත්වෙලා තිබුන අසරණ කම කියන්න බෑ.. අපි ගලිය ඉවත්කොට සියලු බට උඩට අරන් වෙනත් බට යොදා වැසිකිලි නැවත යථාතත්වයට පත්කලා.ඒකට පුදුම වෙහෙසක් දැරුව.ජරාව යැයි නොසිතා අපේ ගෞතමදරුවෝ දෙවිවරු වගේ ඒ සත්ක්රියාව කලේ සම්පූර්නයෙන් ගැටලුවලට විසදුම් දෙමින්.වටපිටාවෙ සියලු අපිරිසිදු තැන් පිරිසිදු කලා. රසවත් ගුනවත් ආහර දානයකින් පුදා තවත් වියලි ආහාර,සිවුරු පිරිකරයන් පූජා කලා.. අවසානයේ සුපුරුදු පරිදි දෙවියන් උදෙසා පින් අනුමෝදන් කොට,දෙමාපියන්ට සෙත්පතා නිර්වානයට මේ කුසල් හේතුවේවා කියල ප්රාර්ථනා කලා..මේ සියලු කුසල් ඔබත් අනුමෝදන් වෙන්න යාලුවනේ ...
චායාරුප සහ අනුමොදනාව උපටු ගැනීම -

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතයින්ගේ බෞද්ධ සංගමයට ආධාර අවශ්‍යයි

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතයින්ගේ බෞද්ධ සංගමය බෞද්ධ පොත්පත් බ්‍රේල් ක්‍රමයට පරිවර්තනය සඳහා ආධාර පතයි. ඔබත් නොපමාව නොමසුරැව මේ පුණ්‍ය කර්මය සඳහා දායක වී ධර්ම දානයෙන් කුසල් රැස් කර ගන්න.

නැගෙනහිර පළාතේ සේරුවාවිල සිංහල ගම්මානයේ අන්ත දුක් විදින සිංහල ජනතාවට උදව් කරමු


සිංහලරාවය ජාතික සංවිධානය මගින් නැගෙනහිර පළාතේ සේරුවාවිල සිංහල ගම්මානයේ අන්ත දුක් විදින සිංහල ජනතාව වෙත ස්ව ශක්තියෙන් නැගී සිටීම සඳහා ස්වයං රැකියා සිදු කිරීමට මහණ මැෂින් ලබා දෙන ලදී. Photos

Sadaham Projects - සදහම් ව්‍යාපෘති



මෙවැනි සදහම් ව්‍යාපෘති සදහා ඹබත් දායක වීමට කැමති නම්,
අමතන්න - 0115 753987 / 077 3407300
රෝද පුටු, අත්වාරු, කිහිලිකරු, ආදී උපකරන සපයාදීමෙන් හෝ ඒ සදහා ආධාර කිරීපමෙන් හෝ ඹබට සහයෝගය දැක්විය හැක. 
මුදලින් ආධාර කරනනේ නම් - ගලිගමුවේ ඤාණදීප හිමි, සම්පත් බැන්කුව යක්කල ශාඛාව, 006850003082 ක ගිනුමට මුදල් බැර කල හැකිය.

වෙබ් පිටුව

ඇස් හා ශරීර පටක දන් දීමේ පිළිවෙත

ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමය යනුවෙන් හදුන්වන දොස්තර හඩිසන් සිල්වාගේ මූලිකත්වයෙන් අරඹන ලද ලොව විශාලතම ඇස් සංචිතයක් ඇති අක්ෂි බැංකුව  පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවෙයි. මෙහි ඇස් දන්දීම සදහා කිසිදු වයස් සීමාවක් බලනොපාන අතර, මිය ගොස් පැය 04 ක් ඇතුලත ඇස් දන් දීම කල හැකියි. 

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය දොස්තර හඩ්සන් සිල්වා අක්ෂිදාන මූලස්ථානය, විද්‍යා මාවත, කොළඹ 7 ලිපිනයට තමාගේ ලිපිනය ලියූ මුද්දර ඇලවූ ලියුමි කවරයක් එවීම තුලින් මේ සඳහා අවශ්‍ය පොරොන්දු පත්‍රය සහ විස්තර ලබාගත හැකියි. ඊට අමතරව 0112692051, 2698040/41/43 යන දුරකථන අංක සමඟ සම්බන්ධ වීමෙන් ද අවශ්‍ය තොරතුරු ඔබට ලබා ගැනීමට පුළුවන්. මෙසේ ඔබේ වයස් සීමාව කුමක් වුවත්, ඔබ මියගිය පසු ඔබේ ඇස් දෙක දන් දීමට ඔබට පොරොන්දු පත්‍රයක් අත්සන් කිරීමේ හැකියාව තිබෙනවා.


ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය
"ඇස් හා පටක දන්දීම ජීවිතය දන්දීමට පමණක් දෙවැනි වේ."

  • දායකත්ව පොරොන්දු පත්‍රය නොමිලේ ලබාගැනීම සඳහා මුද්දර ගැසූ ලිපිනය සහිත ලියුම් කවරයක් සමග පහත ලිපිනයට යොමු කරන්න.
        ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය,
        දොස්තර හඩ්සන් සිල්වා අක්ෂිදාන මූලස්ථානය,
        විද්‍යා මාවත,
        කොළඹ 07.
        
  • ඕනෑම ඇස් හා පටක දන් දීමක් සඳහා දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංක :
         011- 2 698 040
         011- 2 698 041
         011- 2 698 043 
         011- 2 692 051

උපදෙස්
  • කෙනෙකු මියගියපසු පැය 4 ක් ඇතුලත ඇස් ඉවත් කිරීම සිදුකල යුතුය. පටක ලබා ගැනීම පැය 12 ක් ඇතුලත කල හැක.
  • ඇස් දන්දීමට වයස් සීමාවක් නොමැත. එහෙත් පටක ලබාගත හැක්කේ අවුරුදු 70 ට අඩු අයගේ මරණ වලදී පමණි.
  • වෛයිරස් අසාදිත රෝගයකින් මිය යන අයගේ ඇස් හෝ පටක ප්‍රයෝජනයට ගත නොහැක. සිරුරේ තුවාල ඇති අයගෙන්ද ඇස් හෝ පටක ලබාගත නොහැක.
  • මරණයට හේතුව අනිවාර්යයෙන්ම සඳහන් කල යුතුය.
  • සංගමයට දැනුම්දෙන විට නිවැරදි ලිපිනය හා දැනට මෘත දේහය තබා ඇති ස්ථානයට පැමිණිය හැකි ගමන මග, දුරකථන අංක යනාදී නිවැරදිව සැපයීම අප්‍රමාදව කටයුතු නිම කර ගැනීමට පහසුවක්වේ.
  • ඕනෑම දිනක  දිවා රාත්‍රී ඕනෑම වේලාවකදී ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය ඇස් හෝ පටක ලබා ගැනීමට සුදානමින් සිටී.
  • ඔබ දුරකතනයෙන් දැනුම් දුන් පසු හැකි ඉක්මණින් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ පුහුණුව ලත් තාක්ෂණ නිලධාරීන් එම ස්ථානයට ලගා වී අවශ්‍ය කටයුතු කරනු ඇත.
  • පොරොන්දු පත්‍රයක් අත්සන් කර නැතත් භාරකරුවන්ගේ අවසරය මත ඇස් හා පටක දන් දීම සිදුකල හැක.
  • සම්පූර්ණ දේහය ලබා  දෙන්නේ නම් අවශ්‍යකරන සියලු ශරීර කොටස් ආදිය ලබා ගත හැක.
  • මෙසේ ලබා ගන්නා සියලුම ඇස් හා පටක ශ්‍රී ලාංකික රෝගීන් සඳහා ප්‍රමුඛ ස්ථානය දෙමින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීම සඳහා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය සංගමය කටයුතු කරයි.
Information for Eye Donation

Think a Minute - Eye Donation in Sri Lanka



free counters